August 12, 2024

පුත්තලම – කොළඹ මාර්ගය හරහා දුම්රියක් නවතා එහි සහායකවරයකු අසළ පිහිටි වෙළෙදසැලකින් ආහාර ලබා ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.

රූප රාමුවලින් ජනතාව අතර වැරදි මතයක් පැතිර ගිය ද, එහි සත්‍ය කරුණ නම් අදාළ දුම්රිය නවතා තිබෙන්නේ වයික්කාල දුම්රිය ස්ථානයේ බව තහවුරු වී ඇත.

වයික්කාල දුම්රිය ස්ථානය කුඩාවීම හේතුවීම සහ එම අවස්ථාවේ නවත්වනු ලබන මගී දුම්රිය වැඩි දිගකින් යුක්තවීම හේතුවෙන් එහි එංජිම කොටස පුත්තලම – කොළඹ මාර්ගය මැදට වන්නට නවත්වනු ලබයි.

එම අවස්ථාවේ දුම්රිය සහයක විසින් දුම්රිය එංජිමෙන් බැස ගොස් අසළ වෙළෙදසැළකින් කෑම පාර්සලයක් මිලදී ගෙන යළි නැවත දුම්රිය එංජිමට ඇතුළු වෙනවාත් සමගම, යළි දුම්රිය ධාවනයවීමට ආරම්භවීමට පටන් ගන්නා ආකාරය අදාළ වීඩියෝවෙන් දැකගත හැකිය.(දිනමිණ)