
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මොරටුව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණයේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව භාරගත යුතු බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි.
ඔහු අද (12) ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, එම දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන්ට දුම්රිය සේවා විධිමත් කිරීමට අවස්ථා තිබූ බවයි.
දුම්රිය සේවා යාවත්කාලීන කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාව ඇති අතර විධායක නිලධාරීන්ට තවත් දුම්රිය සංඛ්‍යාවක් යෙදවීමට හැකි බව ඔහු පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමයේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ලෙස ඔවුන් සහාය නොදක්වන බවත්, ඔවුන්ට ද ගැටළු තිබුණ ද මේ අවස්ථාව එම ඉල්ලීම් ඉටු කිරීමට කාලය නොවන බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මහනුවර – කොළඹ දුම්රියේ වහලය මතින් ගමන් ගත් මොරටුව විශ්වවිද්‍යාලයේ 18 හැවිරිදි ඉංජිනේරු සිසුවා හොරපේ දී දුම්රියෙන් වැටී මෙසේ මිය ගොස් තිබේ.
මියගිය පුද්ගලයා ඩබ්ලිව්.ඩබ්ලිව්.අයි.ඩී. පෙරේරා නැමැති ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.
දුම්රියේ වහලය මත සිටියදී ගසක හෝ රැහැනක වැදී තරුණයා වැටෙන්නට ඇතැයි විශ්වාස කරන බව ඔහු පවසයි.
අද පෙරවරුවේ දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ජනතාව අනතුරුදායක ලෙස දුම්රිය භාවිත කරන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart