
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට දුම්රිය ස්ථාන, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි හා ඉඩම් පෞද්ගලික අංශ වෙත ආයෝජන සඳහා ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ අනුව දේශීය හා විදේශීය සමාගම්, ව්‍යාපාරිකයන් හා පුද්ගලයන්ට දුම්රිය ස්ථාන 341 න් ඕනෑම දුම්රිය ස්ථානයක් හෝ කිහිපයක් පිළිබඳවත්, ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳවත් ව්‍යාපාරික කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
මෙම ව්‍යාපෘතියට අනුව දුම්රිය ස්ථාන හෝ දුම්රිය ස්ථාන අවට භූමිවල මහල් නිවාස, උද්‍යාන, සුපිරි වෙළෙඳ සංකීර්ණ, සංචාරක හෝටල්, ශරීර සුවතා මධ්‍යස්ථාන, ආහාර අලෙවිසැල්, සූර්යබල සිනමා ශාලා ඇතුළු ඕනෑම සැලසුමක් ඉදිරිපත් කළ හැක.
මෙම ව්‍යාපෘතියට අනුව සිදුකරන ආයෝජනවලින් ලාභයෙන් කොටසක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන පරිදිත්, මාසික කුලියක් දුම්රිය දෙපාර්තමෙන්තුවට හිමි වන පරිදිත් ලබාදීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්.ඒ.ඩී.එස් ගුණසිංහ පවසයි.
එතුළින් සූර්ය පැනල සවිකරමින් විදුලි උත්පාදනය කළ හැකි පරිදි දුම්රිය ස්ථාන සහ දුම්රිය ගොඩනැගිලිවල වහලවල්ද මෙලෙස බදු හා කුලී පදනම් මත පුද්ගලික අංශ වෙත ලබාදෙන බවත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ අභිලාෂ ප්‍රකාශයන් ලබන 24 වැනිදාට ප්‍රථම දුම්රිය නියෝජ්‍ය අධිකාරී (වෙළෙඳ හා ආලෙවි) වෙත තැපැල් මගින් මුද්‍රා තබා යොමුකළ යුතු බවද ඒවා තාක්ෂණික ඇගයුම් කමිටුවක් මගින් ඇගයුම් කර අවසන් තීරණය ගන්නා බවද හෙතෙම කීවේය.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart