
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටාරය සිය ගුවන් අවකාශය යළි විවෘත කර තිබේ.
ඒ අනුව අද අලුයම ප්‍රකාශයක් නිකුත් කරමින් කටාර් එයාර්වේස් ගුවන් සේවය පැවසුවේ කටාර් රාජ්‍යයේ ගුවන් අවකාශය නැවත විවෘත කර ඇති බැවින් ගුවන් ගමන් නැවත ආරම්භ කරන බවයි.
මගීන්ට ආපසු නිවසට පැමිණීමට හෝ ඔවුන්ගේ ඉදිරි ගමනට ආරක්ෂිතව සහ පහසුවෙන් ළඟාවීමට උපකාර කිරීම මෙම අවස්ථාවේදී අවධානයට යොමුකර ඇති බව ද එම සමාගම පවසයි.
ඒ අනුව ගුවන් ගමන් මෙහෙයුම් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජයේ පාර්ශවකරුවන් සහ අදාළ බලධාරීන් සමඟ වෙහෙස නොබලා කටයුතු කරන බව ද කටාර් එයාර්වේස් පවසයි.
බාධා අවම කර ගනිමින් සහ සියලුම පාරිභෝගිකයින්ට උපරිම සැලකිල්ල සහ සහාය ලබාදීමෙන් පීඩාවට පත් මගීන්ට සහාය වීම සඳහා හමාඩ් අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සහ අනෙකුත් ප්‍රධාන ගුවන් තොටුපොළවල අතිරේක භූමි කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බව ද එම සමාගම නිවේදනය කරයි.
මෙහෙයුම් නැවත ආරම්භ වන විට ගුවන් ගමන් කාලසටහනෙහි සැලකිය යුතු ප්‍රමාදයන් සිදුවිය හැකි බැවින් ගුවන් ගමනකට පෙර qatarairways.com හෝ Qatar Airways ජංගම යෙදුම පරීක්ෂා කරන ලෙස ද එම සමාගම මගීන්ට උපදෙස් දෙයි.
ඉරානය කටාරයේ පිහිටි අමෙරිකාවට අයත් අල් උඩයිඩ් ගුවන් කඳවුරට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ කටාරය ඊයේ සිය ගුවන් අවකාශය වසාදමා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart