
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණූ හඹායෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතුකර ගත්තේය.
ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමට එරෙහි තරගයේදී ලකුණු 262ක ඉලක්කයක් හඹා යමිනි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ලකුණු 259ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවයි.
මේ අතර IPL තරග ඉතිහාසයේ ද හොඳම හඹායෑම ලෙස මෙය ඉතිහාසගත වෙයි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ, ලකුණු 224ක ඉලක්කයක් හඹාගොස් ජයගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.
ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20යි 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණූ 261ක් රැස්කළේය.
එහිදී පිලිප් සෝල්ට් ලකුණු 75ක් සහ සුනිල් නරේන් ලකුණු 71ක් ලබාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඉනිම නිමාවීමට පන්දු 8ක් ඉතිරිව තිබියදීම එම ඉලක්කය පසුකළේය.
එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ජොනී බෙයාර්ස්ටෝ නොදැවී ලකුණු 108ක් ලබාගත්තේය.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශෂාන්ක් සිං නොදැවී වේගවත් ලකුණු 68ක් ලබාගැනීමට සමත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart