July 31, 2026

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු සහ පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (31) මරණ දඬුවම නියම කරන ලදී.

රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීම, මනුෂ්‍ය ඝාතනය සහ මනුෂ්‍ය ඝාතනය කිරීමට තැත්කිරීම යන චෝදනාවලට විත්තිකරු වරදකරු කරමින් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රවලට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය අද මේ බව නිවේදනය කළේය.