
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම පාඩුව පියවා ගැනීම සඳහා තවත් විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෑතකදී කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් ලංවිම සාමාන්‍යාධිකාරී G.A.D.R.P.සෙනෙවිරත්න ඉල්ලා සිටියේ, ලංවිමට සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා නැවත විදුලි ගාස්තු සංශෝධනය කරන ලෙසයි.
සාමාන්‍යාධිකාරීවරයා සිය ලිපියෙන් පෙන්වාදී ඇත්තේ, මෑතකදී සිදුකළ ගාස්තු සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් බිලියන 33ක පාඩුවක් ආයතනයට සිදුව ඇති බවයි.
මීට අමතරව, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා දැනට ගෙවිය යුතු හිඟ මුදල රුපියල් බිලියන 29.7ක් ලෙස සඳහන් කර ඇත.
මේ අතර, මේ වසරේ ජල විදුලිය ගිගාවොට් 4,500ක් ලබා ගැනීමට අපේක්ෂා කළද අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබාගෙන ඇත්තේ ගිගාවොට් 1,738ක් පමණක් බවත්, එය විදුලිබල මණ්ඩලයේ තත්ත්වය තවත් නරක අතට හැරවීමට හේතු වී ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart