
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසරේ යෙදෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් පිරීම නිමිත්තෙන්, නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව රාමායණ ස්ථාන පිළිබඳ පොත් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් ප්‍රකාශකයකු වන ඉන්දියාවේ Dorling Kindersley Publishing Private Limited (DK) විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ඇත.
යෝජිත ග්‍රන්ථය “රාමාගේ අඩිපාරේ; ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හරහා සංස්කෘතික ගමනක්” යනුවෙන් නම් කෙරෙනු ඇති අතර, ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ මිථ්‍යා අංශ වෙත අවධානය යොමුකරමින්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රාමායණ ස්ථාන ගවේෂණය කරනු ඇත.
ලබන වසරේ ජූලි මාසය වන විට පොතේ අවසන් නිෂ්පාදනය එළිදැක්වීමට සැලසුම් කර තිබේ.
ප්‍රකාශනයට අදාළ ගිවිසුම සඳුදා (25) නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී අත්සන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart