
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කල්පිටිය ප්‍රදේශයේදී රත්‍රං කිලෝ 37ක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය පතයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රත්‍රං කිලෝ 37ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අවශ්‍යව සිටින බව පොලිසිය පවසයි.
කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නම් කර ඇති සැකකරුවන් පස්දෙනා තම නිවෙස්වලින් පළාගොස් ඇති බව සඳහන් වේ.
සැකකරුවන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු 071 8591763 හෝ 071 8594916 ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart