
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් දිසා අධිකරණයේ හිටපු විනිසුරු ටී.සරවනරාජාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත්, බලකරමින් උතුරු පළාතේ දෙමළ දේශපාලන පක්ෂ ඊයේ (4) විරෝධතාවක නිරත විය.
ඉලංකෙයි තමිල් අරසු කච්චි, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ජනතා ජාතික සන්ධානය, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය, ආදී දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ රාජ්‍ය නොවන සංවිධාන විරෝධතාවයට එක්ව සිටි ඇතැයි වාර්තා වේ.
එයට සහභාගි වූ පිරිස මරන්දනාදම් සිට යාපනය දක්වා විරෝධතාව දක්වා ඇත.
එමෙන්ම පෙරේදා (3) යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල නීතිඥවරු විසින් උතුරු පළාත් සිදුකෙරෙනවා යැයි පැවැසෙන නීති කඩකිරීම්වලට එරෙහිව සංකේත වැඩවර්ජනයක් දියත් කර තිබේ.
නීතීඥවරුන් අධිකරණ කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් පළාතේ අධිකරණවල දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
විනිසුරුවරයාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික් නීතීඥවරුන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවත්, අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, මුලතිව් නීතිඥ සංගමය සඳහන් කර ඇත.
ඔවුන්ට නිසි විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔවුන් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart