
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හඳුනා නොගත් පිරිසක් විසින් ඉස්ලාම් භක්තික වෙළෙන්දෙකු වෙත කුරාණයේ විනාශ කරන ලද පිටුවක් තැපැල් මගින් එවීමත් සමඟ, පාකිස්ථානයේ කරච්චි නුවර පසුගිය බ්‍රහස්පතින්දා දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
එම ලිපි කවරය තුළ ක්‍රිස්තියානි භක්තිකයෙකුගේ සහ ඔහුගේ මවගේ ඡායාරූපද අඩංගු වී තිබූ බව ආරංචි මාර්ග පවසයි.
කරච්චි නුවර ක්‍රිස්තියානි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයෙකු වන ආසිෆ් බැස්ටියන් ප්‍රකාශ කළේ, මෙම ලියුම් කවරය බල්දියා ටවුන්, කසාෆි කොලනියේ පිහිටි ‘වලීඩ් ජෙනරල් ස්ටෝර්’ වෙත ලැබී ඇති බවයි.
එහි අඩක් පිලිස්සුණු කුරාණ පිටුවක්, 40 හැවිරිදි කතෝලික භක්තිකයෙකු වන අසීම් ජාවයිඩ් සහ ඔහුගේ මවගේ ඡායාරූප මෙන්ම මවගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්ද තිබී ඇත.
“කුරාණයට අපහාස කිරීමේ මෙම සිදුවීම සැලවීමත් සමඟ, ආගමික පක්ෂවල ක්‍රියාකාරීන් ඇතුළු මුස්ලිම් ජාතිකයින් සිය ගණනක් ජාවයිඩ්ගේ නිවස පිහිටි වීදිය අසලට රැස්වී විරෝධතාවල නිරත වුණා. එම වීදියේ ක්‍රිස්තියානි පවුල් 10ත් 15ත් අතර ප්‍රමාණයක් ජීවත් වන අතර, ඔවුන් තමන්ගේ නිවාස තුළ කොටු වී දැඩි අසරණ තත්ත්වයට පත් වුණා,” යැයි බැස්ටියන් මාධ්‍ය වෙත පවසා තිබේ.
තත්ත්වය පාලනය කිරීමට පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී, විරෝධතාකරුවන් ඔවුන් වෙත ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඒ හේතුවෙන් පොලිසියට මුලින්ම පසුබැසීමට සිදුවූ බව බැස්ටියන් සඳහන් කළේය. පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා සින්ධ් ප්‍රාන්ත රජය විසින් අතිරේක පොලිස් බලඇණි සමඟ හමුදා භටයින්ද කැඳවීමට පියවර ගෙන ඇත.
“රජය නියමිත වේලාවට මැදිහත් වීම නිසා සිදු වීමට ගිය මහා ඛේදවාචකයක් වැළකී ගියා. මෙම ලිපිය තැපැල් කර ඇතැයි සැලකෙන සද්දාර් ප්‍රධාන තැපැල් කාර්යාලයේ CCTV දර්ශන පරීක්ෂා කර, මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවට බලධාරීන් විරෝධතාකරුවන්ට පොරොන්දු වීමෙන් පසුව ඔවුන් විරෝධතාව අත්හැර දැමීමට එකඟ වුණා,” යැයි බැස්ටියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart