
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයස අවුරුදු 22ට අඩු ලිංගික අපරාධකරුවන් සඳහා දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් සහ ලිංගික කටයුතු සඳහා ‘කැමැත්ත දීමේ වයස’ සම්බන්ධයෙන් මතභේදාත්මක විධිවිධාන ඇතුළත් යෝජිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන තිබේ.
යෝජිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත් කරගත් බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ තහවුරු කර ඇත.
යෝජිත පනත් කෙටුම්පත මගින් ලිංගික කටයුතු සඳහා ‘කැමැත්ත දීමේ’ වයස අවුරුදු 16 සිට 14 දක්වා සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව සොයා ගැනීමෙන් පසු විරෝධතා මතුවිය.
වයස අවුරුදු 14ත් 16ත් අතර පුද්ගලයන් සහ වයස අවුරුදු 22ට අඩු වැරදිකරුවන් සම්බන්ධ ලිංගික අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් දඬුවම් අඩුකිරීමේ විධිවිධාන ද පනත් කෙටුම්පතේ අඩංගු විය.
යෝජිත පනත් කෙටුම්පතේ විධිවිධාන සම්බන්ධයෙන් කාන්තා දේශපාලනඥයන්, කාන්තා නායකත්වයෙන් යුත් සිවිල් සමාජ කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විවිධ පාර්ශ්ව විසින් මාර්තු මාසයේදී කණස්සල්ල පළකර තිබිණි.
පසුව යෝජිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා බව අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබූ අතර ඒ අනුව මේ වනවිට එය ඉවත් කරගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart