
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පැරණි වාහන සාධාරණ මිලකට වෙනත් රටවලට අපනයනය කර නව වාහන සඳහා ආනයන බදු අඩු කිරීමට එම ලාභය භාවිත කළ හැකි නම්, පැරණි වාහන ක්‍රමයෙන් ඉවත් කර නව මාදිලි රටට ගෙන ඒමට රජයට හැකි වන බව ගෝලීය ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලයේ ප්‍රධාන ලේකම් සජීව් රාජපුත්‍ර පැවසීය.
වාහන ආනයනය සඳහා දැනට සියයට 300ක බද්දක් පනවා ඇති බවත්, මෙම තත්ත්වය දේශීය වශයෙන් නැවත විකිණීමේ වාහන වෙළඳපොළ මිල මුල් මිලදී ගැනීමේ මිල මෙන් තුන් ගුණයකින් පමණ ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.
“අපනයනකරුවන්ට ඔවුන් ආනයනය කරන ඊළඟ වාහනය සඳහා තීරුබදුවලින් අදාළ මුදල අඩු කිරීමෙන් පාඩු පියවා ගැනීමට ඉඩ සලසන බලපත්‍ර නිකුත් කළ හැකියි,” යනුවෙන් රාජපුත්‍ර පැහැදිලි කළේය.
“වසර ගණනාවක් භාවිත කිරීමෙන් පසුව පවා වාහන මිලදී ගත් මිලට වඩා වැඩි මිලකට අලෙවි කළ හැකි එකම රටවල් දෙක ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාවයි. අවසානයේදී, මෙම වාහන භාවිතයට සුදුසු නැතුව ලෝහ ගොඩවල් බවට පත්වෙනවා. ප්රශ්නය නම්, මිනිසුන් මිලදී ගත් එම වාහනවල වටිනාකමට මොකද වෙන්නේ කියලයි”, යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
රාජපුත්‍ර තවදුරටත් පැවසුවේ වාහනයක් වත්කමක් ලෙස සළකන්නේ නම්, එහි වටිනාකම ස්වභාවිකවම අගය කළ යුතු බවයි.
“ශ්‍රී ලංකාවේ, මෙම අගය කෘත්‍රිමව වැඩි වෙලා. මිල අසාධාරණ ලෙස උද්ධමනය නොකළ යුතුයි, වාහනයේ සැබෑ වටිනාකම පිළිබිඹු වෙන්න ඕනේ.”යැයි ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවෙන් පැරණි වාහන ඉවත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් “වත්මන් සහ පසුගිය රජයන් එම අදහස් සළකා බැලුවා, ඒත් ඔවුන් කිසි විටෙකත් අපෙන් උපදෙස් ලබා ගත්තේ නැහැ. වාහන ආශ්රිත ව්‍යාපාරවල නියැලී සිටින බොහෝ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් ජීවත් වන සහ වැඩ කරන ජපානයේ ව්‍යාපාරික කවුන්සිලය සමඟ අපි අපගේ යෝජනා සාකච්ඡා කළා ,” ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව පැරණි වාහන අපනයනය කළත්, වෙනත් රටවලින් මිලදී ගන්නා වාහනවල පිරිවැය පියවා ගැනීමේ දුෂ්කරතාව රාජපුත්‍ර සඳහන් කළේය.
“අපි පැරණි වාහන සාධාරණ මිලකට අපනයනය කරනවා නම්, එම ලාභය නව වාහනවල ආනයන බදු අඩු කිරීමට උපකාරී වෙනවා, එමගින් පැරණි වාහන ඉවත් කරලා ලංකාවට නව වාහන ගෙන ඒමට අපට ඉඩ සලසනවා,” යැයි ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart