July 25, 2026

අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන යෝජනාවක් සකස් කිරීමේ අවසන් අදියරට අධිකරණ අමාත්‍යාංශය පැමිණ තිබෙන බව News 1st වාර්තා කරයි.

මෙම සංශෝධන යෝජනාව එළඹෙන ජූලි 30 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර, පසුගිය ජූලි 21 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.