
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
T-56 වර්ගයේ උණ්ඩ භාවිතා කළ හැකි දේශීයව නිෂ්පාදිත ගිනි අවියක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අද(17) පන්නිපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට අනුව මහරගම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පන්නිපිටිය, ඇරැව්වල පාරේ පිහිටි අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඔහු පළායෑමට උත්සාහ කර ඇත.
එහිදී ක්‍රියාත්මක වූ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,400 ක් සොයාගෙන තිබේ.
පසුව නිවස පරික්ෂා කිරීමේදී, සැකකරු නිදා ගැනීමට භාවිත කරන ඇඳෙහි මෙට්ටය යට සඟවා තිබූ T-56 වර්ගයේ උණ්ඩ භාවිතා කළ හැකි, මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ද සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් සහ ළඟ තබා ගැනීම් රැසකට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකි.
අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ සහ සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart