
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය අදහස් කරන්නේ නම්, රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ පිහිටුවීමට පෙර නිසි ශක්‍යතා අධ්‍යයනයක් පැවැත්වීම සහතික කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය පිහිටුවීමට සැලසුම් කර ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් පළකරමින්, GMOA ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ, නව වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම දිගු කාලීන විසඳුමක් විය හැකි නමුත්, පවතින ගැටළු වලට එමගින් විසඳුමක් නොලැබෙන බවයි.
රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ ආරම්භ කිරීම දැඩි නිරීක්ෂණයක් යටතේ සිදු කළ යුතු බවත් මෙවැනි ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සහ ප්‍රමිතීන් පිරිහීමට ලක් නොවිය යුතු බවත් ඔහු පෙන්වාදෙයි.
“ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම සඳහා තවත් වෛද්‍ය පීඨ පිහිටුවීමට රජය අදහස් කරනවා නම් එය කළ යුත්තේ අවශ්‍ය සාධක මත සිදුකරන ශක්‍යතා පරීක්ෂණයකින් පසුවයි. එම පෞද්ගලික වෛද්‍ය පීඨ කෙතරම් අසාර්ථකද යන්න අපි ඉතිහාසයේ අත්දැක තියෙනවා. ඒ නිසා මෙවැනි දේ හදිසියේ කරන්න බැහැ.” යැයි ඔහු පවසයි.
දීර්ඝ කාලීන විසඳුම් ලබා දීම වෙනුවට පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව රජය පළමුව අවධානය යොමු කළ යුතු බවත් වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් විදේශගත වීම නැවැත්වීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් වෛද්‍ය විජේසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීම සඳහා රජය අනුමැතිය ලබාදී ඇත.
මහනුවර ප්‍රදේශයේ පැවති ජනමාධ්‍ය හමුවක දී සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මේ බව අනාවරණය කර තිබේ.
වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සහ වෛද්‍ය හිඟයෙන් මතුව ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය පිහිටුවීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහද පසුගියදා පවසා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart