
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල, අක්මීමන, දිසානායක මාවතේ පිහිටි නිවසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් අද (23) වෙඩි තැබිමක් සිදු කර ඇතැයි පොලීසිය පවසයි.
අලුයම 5ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.
මිමි 9 වර්ගයේ පිස්තෝලයක් භාවිත කර වෙඩි තැබීම සිදුකර ඇති අතර, පසුව සැකකරුවන් එම ස්ථානයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
නිවසේ හිමිකරු මිදිගම ප්රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක නිලධාරියකු ලෙස සේවය කරන අතර, සේවකයකු සමඟ ඇති වූ ගැටළුවක් හේතුවෙන් දින කිහිපයකට පෙර අදාළ සෙවකයා රැකියාවෙන් නෙරපා තිබේ.
අදාළ සේවකයා මීට පෙර දුරකථන ඇමතුම් ලබා දී ඔහුට තර්ජනය කර ඇති බව ද පොලිසිය පවසයි.
ඒ අනුව, එම පුද්ගලයා වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගාල්ල කොට්ඨාශය යටතේ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart