
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර රෙගුලාසිවලට අනුව වසර තුනකට වැඩි සිරදඬුවම් නියම වූ ඕනෑම තැනැත්තෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ඇඳුමෙන් සැරසී බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ කොමසාරිස් සේනක පල්ලෙතැන්න පවසයි.
අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන සිරකරුවන් අඳින ඇඳුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත සංසරණය වීම හමුවේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය.
බන්ධනාගාර රෙගුලාසිවලට අනුව සාමාන්‍ය සිරදඬුවම් නියම වූ බෞද්ධ භික්ෂූන් වහන්සේනමකට සිරදඬුවම් විඳින කාලය තුළ සිවුරු දරා සිටිය හැකි බව පැවසූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා, එම සිරදඬුවම බරපතල වැඩ සහිත සිරදඬුවමක් නම් අදාළ තැනැත්තා බන්ධනාගාරය මගින් නිකුත් කරන ලද ඇඳුමින් සැරසී සිටිය යුතු බව සඳහන් කළේය.
සිරදඬුවම් ලැබූ තැනැත්තෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී, අදාළ සිරදඬුවම වසර තුනකට අඩු නම්, සිරදඬුවම් නියම වීමට පෙර ඔහු ඇඳ සිටි සිවිල් ඇඳුම ඇඳීමට අවසර දීමේ බලතල බන්ධනාගාර අධිකාරීවරයාට පවතින බව ඔහු පැවසීය. එවැනි අවස්ථාවකදී බෞද්ධ භික්ෂූන් වහන්සේනමකට ද සිවුරු දැරීමට අවසර හිමි විය හැකිය.
කෙසේවෙතත්, වසර තුනකට වැඩි කාලයකට සිරදඬුවම් නියම වූ ඕනෑම තැනැත්තෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ඇඳුමෙන් සැරසී පමණක් බව ද ඔහු අවධාරණය කළේය.
දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල දැනට ආගමික පූජකවරුන් 73 දෙනෙකුට වැඩි පිරිසක් සිරදඬුවම් විඳිමින් සිටින බවත්, එම පූජකවරුන් ද බන්ධනාගාරය මගින් නිකුත් කරන ලද ඇඳුම් අඳිමින් සිරදඬුවම් විඳින බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart