
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයිනේ සෑම බන්ධනාගාරයකම 2023 වර්ෂයේ ආරම්භයත් සමග විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන රැඳවියන් සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් ඇති වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන දත්තයන්ට අනුව පෙනී යයි.
දිවයිනේ සමස්ථ බන්ධනාගාර තුළ සත්‍ය වශයෙන් රැඳවිය හැකි සංඛ්‍යාව 13241 වුවත්, දැනට බන්ධනාගාරවල රැඳවියන් 19000 කට ආසන්න සංඛ්‍යාවක් සැකකරුවන් ලෙසත්, 10000 කට ආසන්න සංඛ්‍යාවක් සිරකරුවන් ලෙසත්, සියල්ලු රැඳවියන් 29000 කට ආසන්න සංඛ්‍යාවක් රදවා ඇත.
එම සමස්ත ප්‍රතිශතයක් ලෙස 200% ඉක්මවා ඇති බව පෙනී යයි.
ඒ අනුව, සමස්ත බන්ධනාගාර තුළ දිනෙන් දින රැඳවියන් තදබදය හා බන්ධනාගාරගතවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන දත්තයන්ට අනුව පෙනී යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart