
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරය වෙත රැගෙන යෑම සඳහා දරුවන් වෙනුවෙන් වෙන් කළ රථයක් යොදාගන්නට ඇත්තේ ඔහු මුහුණ දී සිටින නඩුවට අදාළ සෙසු සැකකරුවන්ගෙන් වෙන්කර තබා ගැනීම සඳහා වන්නට ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසයි.
ඔහු සඳහන් කර ඇත්තේ, මෙම නඩුවේ සැකකරුවන් 08 දෙනා අතර සම්බන්ධතා වළක්වන ආකාරයෙන් ඔවුන් ඉදිරිපත් කරන ලෙසට අධිකරණය උපදෙස් ලබා දී ඇති බවයි.
එම උපදෙස් පිළිපැදීමට බන්ධනාගාර බලධාරීන් ඉහත කී රථය ඇතුළු තිබෙන වාහන භාවිත කරන්නට ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්, බුද්ධි හා ආරක්ෂක) සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කරයි.
යුනිසෙෆ් ආයතනය විසින් ලබාදී ඇති එම රථය භාවිත කිරීමට බලධාරීන්ට සිදුව ඇත්තේ වාහන සීමිත නිසා විය හැකි බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
කෙසේවෙතත්, එම රථය රඹුක්වැල්ල ප්‍රවාහනය සඳහා යොද ගැනීමට නිශ්චිත හේතු පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් ලබාගෙන නොමැත.
මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, තමන් බන්ධනාගාර බලධාරීන්ගෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා ඇති බවයි.
අදාළ රථය භාවිත කිරීම සම්බන්ධයෙන්වන කොන්දේසි පිළිපැදීමට බන්ධනාගාර බලධාරීන් අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බවට ජනමාධ්‍ය වාර්තා පළවී තිබිණි.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වී ඇත්තේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ආනයනය කිරීම සම්බන්ධයෙනි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ එහි වෛද්‍ය සැපයුම් අංශයේ සහ ආනයනික සමාගමේ හිමිකරු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකුට මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart