
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහරගම ජනාධිපති විදුහලේ උසස්පෙළ ඇගයීම් කටයුතු සිදුකළ ගුරුවරියන්ට ගවුම් ඇඳගෙන නොඑන ලෙසට එම විදුහලේ විදුහල්පතිවරයා දැනුම්දීම හේතුවෙන් සියලු ගුරුවරු ඇගයීම් රාජකාරිවලින් ඊයේ (06දා) ඉවත්වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවැසීය.
පහසු ඇඳුමකින් සැරසී ගුරුවරියන්ට ඇගයීම් රාජකාරිවලට සහභාගි වීමට ඉඩනොදෙන බවටත් ගුරුවරියන් සාරිවලින් පමණක් සැරසී පැමිණිය යුතු බවටත් විදුහල්පතිවරයා දැනුම් දී තිබූ බවත්, ඇගයීම් රාජකාරී කළ කණ්ඩායම් තුනේ සියලුදෙනා ඊට විරෝධය පළකරමින් මෙසේ රාජකාරීවලින් ඉවත් වූ බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
ඊයේ දිනයේදී ඇගයීම් කළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ලකුණු සටහන් කිරීම නතර කිරීමට සිදුවූ බව කී හෙතෙම මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයා එහි වගකීම භාරගත යුතු බව ප්‍රකාශ කළේය.
ඇගයිම්වලට සහභාගි වන ගුරුවරු ඉතා කැපවීමෙන් රාත්‍රි 8.00 පමණ වනතුරු රාජකාරියේ යෙදෙන බවත්, විභාග දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවට රාජකාරියේ යෙදෙන එවැනි ගුරුවරුන් පීඩාවට පත්කිරීම බරපතළ ගැටලුවක් බවත් ඔහු කීය.
දිගින් දිගටම මේ ආකාරයට ගුරුවරුන්ට බාධා කළහොත් දිවයින පුරා සියලු ගුරුවරු ඇගයීම් කටයුතුවලට තවදුරටත් සහභාගි වන්නේදැයි තීරණයක් ගැනීමට සිදුවන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
විදුහල්පතිවරුන්ගේ මෙවැනි හැසිරීම් හේතුවෙන් විභාග ප්‍රතිඵල පමාවීමට ඉඩ තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පතිවරයා විභාග ඇගයීම් කළ ගුරුවරුන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ නොදීම හේතුවෙන් මීට පෙර ගුරුවරු රාජකාරීවලින් ඉවත් වූ බවද ජෝසප් ස්ටාලින් පැවැසීය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart