
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු හදිසියේම යුක්රේනයට පැමිණ තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ 2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු එරටට පැමිණි දෙවන බ්‍රිතාන්‍ය රාජකීයයා හැරී කුමරු බවයි.
40 හැවිරිදි හැරී එම සංචාරයේදී බටහිර යුක්රේනයේ Lviv හි යුද්ධයෙන් තුවාල ලැබූවන් සමඟ කාලය ගතකළ බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම සංචාරය පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය වෙත නිවේදනය කරනු ලැබුවේ හිටපු බ්‍රිතාන්‍ය හමුදා කපිතාන්වරයකු වූ හැරී කුමරු ගැටුම්වලින් විනාශ වූ යුක්රේන භූමියෙන් පිටව ගිය පසුව වීම විශේෂත්වයකි.
බ්‍රිතාන්‍යයේ රජු වන III චාල්ස් රජුගේ බාල පුත්‍රයා වන හැරී, සිය යුක්රේන සංචාරයේදී යුද්ධයෙන් තුවාල ලැබූ හමුදා නිලධාරීන්ට සහ සිවිල් වැසියන්ට ප්‍රතිකාර කරන සහ පුනරුත්ථාපනය කිරීමට උපකාර කරන විකලාංග සායනයක් වන Superhumans Center වෙත ද පැමිණ තිබේ.
හැරී යුක්රේන අමාත්‍ය නටාලියා කල්මිකෝවා ද හමුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart