July 25, 2026

නරේන්ද්‍ර මෝදි කියන්නේ තමන්ගේ පෙනුම, මීඩියා ප්‍රසන්ටේෂන් එක සහ වීඩියෝවල ක්වලිටි එක ගැන නූලටම හිතන නායකයෙක් කියන එක රහසක් නෙවෙයි. ඒත් මෙන්න එක පාරටම මෝදිගේ ආණ්ඩුවට තමන්ගේ පාලන ඉතිහාසයේ ආපු දරුණුතම කරදරයට මුහුණ දෙන්න සිද්ධ වෙලා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න වගයක් මුල්කර ගෙන ‘Cockroach Janta Party’ කියන තරුණ දේශපාලන ව්‍යාපාරය පාරට බැහැලා. වැඩේ කියන්නේ මේකට කොංග්‍රස් මන්ත්‍රීලත් සපෝට් එක දෙන්න පටන් ගත්ත නිසා මෝදිට සීන් එක ටිකක් තදවෙලා තියෙන්නේ.

ඉතින් මේ ආතතිය අස්සේ අගමැති මෝදි ඊයේ රෑ අපූරු ‘ගේම් එකක්’ ගැහුවා. සාමාන්‍යයෙන් අතිශය සුමට, හයි-ෆයි කැමරාවලින් රූගත කරන වීඩියෝ දාන මෝදි, මෙන්න එකපාරටම ආධුනිකයෙක් වගේ තමන්ම අතින් අල්ලන් ගහපු Instagram සෙල්ෆි වීඩියෝ එකක් සමාජ මාධ්‍යයට අතඇරියා. කැමරාව හෙලවෙන, සාමාන්‍ය විදියට තරුණයන්ට කතා කරන මේ වීඩියෝ එක දැකලා හැමෝම හොල්මන් වුණා.

හැබැයි මොනවා වුණත් මෝදිගේ ඒ ගේම් එක නියමෙටම පත්තු වුණා කියන්න ඕනේ. පැය කිහිපයක් ඇතුළත ඒ වීඩියෝ එක බලපු ගණන මිලියන 300 සීමාවත් පන්නලා.

වැඩේ සාර්ථක වුණ පාර මෝදි අද ආයෙමත් එහෙම වීඩියෝ එකක් දාලා නැරඹූ අයට තැන්ක්ස් කරලා තිබුණා. එපමණක් නෙවෙයි, තමන්ගේ කැබිනට් ඇමැති මණ්ඩලයටත් කෙළින්ම අණ කරලා තියෙන්නේ “දැන්ම ඉඳන් අර කැමරා කට්ටල පැත්තකින් තියලා Instagram ටයිප් එකෙන් තරුණයන්ව අල්ලන්න වැඩ පටන් ගන්න” කියලයි.