
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
යාපන හින්දුු විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ජනවාරි 15 දින එක්වූ අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
යාපනයේ හින්දු විද්‍යාලයේ ශිෂ්‍යයන් සහ ගුරුවරුන් සමග සුහද පිළිසඳරක නිරත වූ අග්‍රාමාත්‍යවරිය පාසලේ හින්දු සංස්කෘතික අතීතය නිරූපණය වන කෞතුකාගාරය නිරීක්ෂණයටද එක්වූවාය.
මෙහිදී පාසල ලද ජයග්‍රහණ හා පාසලේ කටයුතු පිළිබඳ වාර්තාවක් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“යාපනයේ හින්දු විද්‍යාලය දීර්ඝ ඉතිහාසයක් තියෙන ලංකාවේ ප්‍රධාන පාසල් අතරින් එකක්. පාසල ලබාගත් ජයග්‍රහණ ගැන ඔබ ඉදිරිපත් කළ වාර්තාව ඉතා රසවත් එකක්. පාසලේ ගිණුම් කටයුතු විනිවිදභාවයකින් යුක්තව පවත්වාගෙන ගිය ආකාරය අනිත් පාසල් වලටත් ආදර්ශයක්.
රජයක් විදිහට අපි අධ්‍යාපනයට ප්‍රධාන තැනක් ලබාදෙනවා. අධ්‍යාපනය තුළ පරිවර්තනීය වෙනසක් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
විදුහල්පතිතුමා කිව්ව විදිහට මේ වන විට ටියුෂන් පන්ති වර්ධනය වෙලා තියෙනවා. අපි හැමෝම දන්නවා ටියුෂන් කර්මාන්තය ප්‍රවර්ධනය වෙලා තියෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථක වීම නිසා. ටියුෂන් පන්ති අඩුකරන්න නම් අපේ දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් පාසල තුළින් ලබාදිය යුතුයි. යාපනයේ හින්දු විද්‍යාලයට විතරක් නෙවෙයි ලංකාවේ හැම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමටයි අපට අවශ්‍ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම ගැන ඔබ ඇතුලු උතුරු පළාතේ අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් සමග අපි සාකච්ඡා කළා. අපේ වගකීම වන්නේ හොඳ අධ්‍යාපනයක් මගින් මේ සමාජයට ගුණගරුක, ආචාරශීලී හොද නායකත්වයක් බිහිකිරීමයි “
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart