
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලිංගික අපචාර හා අපයෝජන වැළැක්වීම සඳහා වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපන වැඩසටහනක් ළමුන්ට හඳුන්වා දිය යුතු බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මහනුවර පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් අගමැතිනි වැඩිදුරටත් පැවසුවේ විශේෂඥයන්ගේ නිර්දේශ සහ මග පෙන්වීම මත පදනම්ව මේ සඳහා සැලසුම් ක්‍රියාත්මක කරන බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මහජන දැනුවත් කිරීමේ වැඩසටහනකදී මෙම ප්‍රකාශය කරන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ පැවසුවාය:
“6 ශ්‍රේණිය සඳහා, අපි සිසුන්ගේ වයසට ගැළපෙන පොතක් සකස් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය – විශේෂයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය – ලිංගික අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාව නිරන්තරයෙන් අවධාරණය කරනවා. අපේ රටේ දරුවන් ලිංගික අපයෝජනයට හා හිරිහැරවලට ලක්වීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින නිසා, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නැවත නැවතත් පෙන්වා දී ඇත්තේ තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ දරුවන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවයි.
ඒ හා සමානව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ද මෙය බරපතළ ගැටළුවක් බවත්, තමන්ගේම ශරීර ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ දරුවන් දැනුවත් කළ යුතු බවත් අපට දන්වා තිබෙනවා. අපි දැනට අදාළ අමාත්‍යාංශ සහ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් ඔවුන්ගේ නිර්දේශ ලබා ගනිමින් ඉන්නවා.
ක්හොම වුණත්, මෙය කවදා සහ කුමන වයසේදී හඳුන්වා දෙන්නේද යන්න පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ. දැනට සිදුවන සාකච්ඡාවලට අනුව, දරුවන්ගේ ශරීර වෙනස් වීමට පටන් ගන්නා විට, ඔවුන්ගේ වයසට ගැළපෙන ආකාරයෙන් තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලැබිය යුතු බව අපි විශ්වාස කරනවා. මේ සියල්ල සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අංශයේ විශේෂඥයන්ගේ මග පෙන්වීම සහ උපදෙස් අනුවයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart