
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් අගමැති අමරසූරිය පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාඩමක කාලය විනාඩි 45 දක්වා දීර්ඝ කර ඇති බවයි.
“මෙය පාඩම හෝ මොඩියුලය කඩිමුඩියේ උගන්වා අවසන් නොකිරීම සහතික කිරීම වෙනුවෙන් ගත් පියවරක්. කණ්ඩායම් පර්යේෂණ සහ ඉදිරිපත් කිරීම් වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියක් අපි ඇතුළත් කර තිබෙනවා. ගුරුවරයාට සිසුන්ට ඉගැන්වීමට ප්‍රමාණවත් කාලයක් තිබිය යුතුයි, සිසුන්ට මෙම ක්‍රියාකාරකම්වලට සහභාගී වීමටත් කාලය අවශ්‍යයි,” යනුවෙන් ඇය පැහැදිලි කළාය.
පෙ.ව. 08.00 සිට ප.ව. 04.00 දක්වා පාසල් ක්‍රියාත්මක කිරීමට මුලින් යෝජනා කර තිබූ බව පෙන්වා දුන් අගමැති අමරසූරිය, එසේ නොකර පාසල් වේලාවන් පැය භාගයකින් පමණක් දීර්ඝ කිරීමට තීරණය කළ බව පැවසුවාය.
ප්‍රවාහනය වැනි අනෙකුත් සැපයුම් ගැටළු සැළකිල්ලට ගැනීමෙන් පසුව මෙම තීරණය ගත් බව ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart