
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් පාලනය යටතේ, ආගමික අධ්‍යාපනය හෝ සෞන්දර්යාත්මක විෂයයන් කිසිදු ආකාරයකින් අඩුකිරීමක් හෝ ඉවත් කිරීමක් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තහවුරු කරයි.
බෞද්ධ කටයුතු කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව පවසා ඇති අතර, එහිදී නව විෂය මාලාව යටතේ බුද්ධාගම පෙළපොතේ අන්තර්ගතය පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
රැස්වීම අතරතුර, 2026 දී ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස, හයවැනි ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩම සියලුම සිසුන්ට සියලුම ප්‍රධාන ආගම් පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම අරමුණු කර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබේ.
මෙම හැඳින්වීමෙන් පසු, සිසුන්ට තමන්ගේම ආගම් ගැඹුරින් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබාදෙන බව ද ඇය පවසා ඇත.
පාසල්වල බුද්ධාගම සඳහා දැනට පවතින ගුරුවරුන්ගේ හිඟය පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබේ.
ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් පවතින බව සහතික කිරීම සඳහා ගුරුවරුන් බඳවාගැනීම සහ යෙදවීම ක්රමානුකූල සැලැස්මක් හරහා සිදුකර මෙම ගැටළුව විසඳීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart