March 4, 2026

පසු­ගිය පාලන සමයේදී ‘කපුවන්ටත්’ දේශ­පා­ලන හිත­ව­ත්කම් මත රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ හැඳු­නු­ම්ප­ත් නිකුත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර පැව­සීය.

එමෙන්ම ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දීන්ගේ හැඳු­නු­ම්පත පී. අකු­රක් යොදා ‘කිරෙන් බාලකිරීමේ’ ක්‍රියා­දා­ම­යක් ද තිබූ බවත් හෙතෙම කීවේය.

‘ඇසි දිසි පිය­වර’ වැඩ­ස­ට­හන යටතේ මාතලේ දිස්ත්‍රි­ක්කයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය­වේ­දීන්ට දැනුම, කුස­ලතා හා වෘත්තිය හැකි­යා­වන් ප්‍රව­ර්ධ­නය කිරීමේ පුහුණු වැඩ­මු­ළු­වක් පසු­ගි­යදා (22) මාතලේ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යේදී පැවති අතර එහිදී අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා මේ බව කීවේය.

“ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා 2026 දී අය – වැය ඉදි­රි­පත් කර­මින් රුපි­යල් මිලි­යන 50ක මුද­ලක් ද අමා­ත්‍යාං­ශය රුපි­යල් මිලි­යන 104ක් ද, තාක්ෂණ ප්‍රති­ශ­තය වැඩි කිරීම සඳහා වෙන්කර තිබෙ­නවා. මාධ්‍ය­වේ­දීන්ට ශිෂ්‍යත්ව ලබා­දී­ම­ටත් මුදල් වෙන් කරලා තිබෙ­නවා. ඩිප්ලෝමා, පශ්චාත්, ආචාර්ය උපාධි වෙනු­වෙන් විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට ගෙවීම සඳහා යෝජනා කර තිබෙ­නවා. ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේ­ද­නය නිකුත් කිරී­මට නිය­මි­තව තිබෙ­නවා. මාධ්‍ය හැඳු­නු­ම්පත් 8100ක පමණ ප්‍රමා­ණ­යක් නිකුත් කිරී­මට තිබෙන බව සමී­ක්ෂ­ණ­යෙදී හෙළි වුණා. එය 4700 ක් දක්වා අවම කිරී­මට පිය­වර ගත්තා.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.