
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන සංචිතයෙන් වාහන ලබාදෙන ලෙස විවිධ අමාත්‍යාංශ පුන පුනා කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් එම කාර්යාලය අවුල් ජාලයකට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙම සතියේ නවතම ඉල්ලීම රාජ්‍ය ඇමැතිවරයෙක්ගෙන් ලැබී ඇති අතර, ඔහුගේ අමාත්‍යාංශ ලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, රාජ්‍ය ඇමැතිවරයාගේ නිල රථය හදිසි අලුත්වැඩියාවක් සඳහා යවා ඇති බැවින් ඔහුට තාවකාලික පදනමින් වාහනයක් ලබාදෙන ලෙසටය.
ජනාධිපති ලේකම් කාර්යාලයට නිල වාහන සඳහා විවිධ පාර්ශ්වවලින් විශාල ඉල්ලීම් සංඛ්‍යාවක් ලැබෙන බව එම කාර්යාලයේ නිලධාරීන් සඳහන් කර ඇත.
ලේකම් කාර්යාලය සතුව විශාල වාහන සංචිතයක් ඇති බව මිනිසුන් විශ්වාස කරන බව පෙනෙන නමුත් ඔවුන්ට ඇත්තේ සීමිත වාහන සංඛ්‍යාවක් පමණක් බව එම කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කරයි.
එමෙන්ම දැඩි ආර්ථික අර්බුදයක් සහ වාහන ආනයන තහනමක් මධ්‍යයේ වුවද නිල වාහන සම්බන්ධයෙන් ඇමැතිවරුන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඇති අයිතිය පිළිබඳ හැඟීම ඉවත්ව ඇති බවක් නොපෙනෙන බවද ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart