April 15, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) උදෑසන සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දුටුවේය.

මල්වතු මහා විහාරයට ගිය ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි සාකච්ඡාවක නිරතවී තිබේ.

මෙම අවස්ථාවේදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට සහ පැමිණ සිටි පිරිසට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද කළහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.