
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 16, 17 සහ 18 යන දිනවල චීනයේ සංචාරයක නිරත වන අතර, ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ඇතුළු චීන නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සිය ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ සකච්ඡා කරමින් සිටින අවස්ථාවක මෙම සංචාරය සිදුවේ.
ශ්‍රී ලංකාවට විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන්නේ චීනයයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ආර්ථික අර්බුදය මගහරවා ගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති වැඩසටහනේ කොටසකි.
පසුගිය වසරේ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.
ජනාධිපතිවරයා දැනටමත් නිල මට්ටමින් ජපානය, ඉන්දියාව වැනි රටවල සංචාරය කර ඇත.
විදේශ ඇමැති අලි සබ්රි මීට පෙර ප්‍රකාශ කළේ ලබන සඳුදා පැවැත්වෙන සාකච්ඡාවලදී, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයට චීනය සහාය වනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි.
ශ‍්‍රී ලංකාවේ විදේශ ණයවලින් සියයට 50කට වඩා වැඩි ප‍්‍රමාණයක් චීනය සතුව පවතින අතර, ඔවුන් සමග පවත්වන සකච්ඡා ප‍්‍රගතියක් ලබමින් තිබෙන බව ඇමැතිවරයා පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart