
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාර සඳහා නිව්යෝර්ක් වෙත යෑමට පෙර සැප්තැම්බර් 15 සහ 16 යන දිනවල කියුබාවේ හවානා හි පැවැත්වෙන G 77 කණ්ඩායමේ සමුළුවට සහභාගීවනු ඇතැයි වාර්තා වේ.
G 77 කණ්ඩායමේ ආර්ථික වශයෙන් සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල් 134ක් සිටින අතර, එය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කළ ඒකාබද්ධ සාකච්ඡාවන් පැවැත්වීම සඳහා නිර්මාණය කර ඇති සමූහයකි.
නොබැඳි ව්‍යාපාරයේ ශාඛාවක් වන මෙය 1964 දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 77කින් ආරම්භ කර තිබේ.
සමුළුවේ තේමාව වන්නේ ‘වත්මන් සංවර්ධන අභියෝග: විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය’ යන්නයි.
G77 හි වත්මන් සභාපති කියුබාව සමුළුවෙන් පසු උගන්ඩාවට සභාපතිත්වය ලබාදෙනු ඇත.
මේ අතර, මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ තේමාව වන්නේ ‘සංවර්ධනය සඳහා මූල්‍යකරණය’ වන අතර, එය පශ්චාත් කොවිඩ් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ දේශගුණික විපර්යාසවල අභියෝගවලට මුදල් යෙදවීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීම අරමුණු කර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart