
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නේපාලයේ එකම ෆෝබ්ස් ලැයිස්තුගත බිලියනපති සහ CG Corp Global හි සභාපති වෛද්‍ය බිනෝද් චෞද්රි මෑතකදී ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ සංවිධානයේ (EO Sri Lanka) විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලෝකයේ දුෂ්කරතම වෙළෙඳපොළවල් තුළ ව්‍යාපාර ගොඩනැඟීමේ සිය අත්දැකීම් බෙදාහදා ගත්තේය.
රටවල් 32ක් පුරා පැතිරුණු සිය බහු-බිලියන ඩොලර් ව්‍යාපාරික අධිරාජ්‍යයේ දශක පහක අත්දැකීම් ඇසුරින් ඔහු මෙහිදී ප්‍රධාන කරුණු කිහිපයක් පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකාව සමඟ වසර 25කට ආසන්න සබඳතාවක් පවතින චෞද්රි, 2001 සිවිල් යුද සමයේදී මෙරටට පැමිණි අතර, එතැන් පටන් රට මුහුණ දුන් සෑම අර්බුදයකදීම මෙරට රැඳී සිටියේය.
අනෙක් ආයෝජකයන් පසුබසිද්දී ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 50ක අතිරේක ආයෝජනයක්ද ශ්‍රී ලංකාවේ සිදුකළේය.
ඔහුගේ ව්‍යාපාරික ජාලය වර්තමානයේ යුනියන් බැංකුවේ ප්‍රධාන කොටස්කාරීත්වය, ටාජ් සමුද්‍රා ඇතුළු හෝටල් ක්ෂේත්‍රය, BYD නියෝජිතායතනය සඳහා ජෝන් කීල්ස් සමඟ ඇති හවුල්කාරිත්වය සහ සිමෙන්ති ව්‍යාපෘතියක් දක්වා ව්‍යාප්තව පවතී.
දුෂ්කර වෙළෙඳපොළවල් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ නේපාලය සහ ශ්‍රී ලංකාව වැනි රටවල සාර්ථක වන ව්‍යවසායකයෙකුට ඕනෑම අභියෝගාත්මක පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාව (Shock-readiness) ස්වභාවිකවම ලැබෙන බවයි.
ජපානයේ සාමූහික ව්‍යාපාරික සංස්කෘතිය, ආයතනික විනය සහ පුද්ගලවාදීත්වයෙන් බැහැරව පොදු අරමුණු වෙනුවෙන් කැපවීම තමන් බෙහෙවින් අගය කරන බව ඔහු පැවසීය.
සාර්ථක ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සඳහා දෙපාර්ශවයම නිරන්තරයෙන් අලුත් වන වටිනාකම් සැපයිය යුතු බවත්, පවුලේ ව්‍යාපාර අනුප්‍රාප්තිකයන් වෙත පැවරීමේදී එක් එක් සාමාජිකයාට ස්වාධීනව තීරණ ගතහැකි පැහැදිලි ක්ෂේත්‍ර වෙන්කර දිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ඒ අනුව ඔහුගේ පුත්තු තිදෙනා දැනට නේපාල, හෝටල් සහ ගෝලීය මෙහෙයුම් අංශ ස්වාධීනව මෙහෙයවති.
දක්ෂයන් බඳවාගැනීමේදී උපාධි සහ සහතිකවලට වඩා පීඩනය හමුවේ ක්‍රියාකිරීමේ හැකියාව වැදගත් වන බව වෛද්‍ය චෞද්රි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාව Trade Promoters ලිමිටඩ් හි අධ්‍යක්ෂ හරේෂ් ද සොයිසා විසින් මෙහෙයවන ලද අතර, EO ශ්‍රී ලංකා සංවිධානයේ ඉගෙනුම් සභාපති උමයංග නානායක්කාර විසින් සංවිධානය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart