
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉහළ ස්වාධීනත්වයක් ලබා දී ඇති අතර, එකී කොමිෂන් සභාවට අනන්‍ය වූ කාර්යමණ්ඩලයක් කොමිෂන් සභාව විසින් පත්කරනු ලැබීම පිණිස වන විධිවිධාන එම පනතේ අන්තර්ගතව ඇත.
එසේම, රාජ්‍ය සේවයේ, පළාත් රාජ්‍ය සේවයේ, විගණන සේවයේ හා රාජ්‍ය සංස්ථාවක යම් නිලධරයෙකු හෝ සේවා නියුක්තයෙකු තාවකාලික පදනම මත එම කොමිෂන් සභාවට බඳවාගැනීම සඳහා වන විධිවිධාන ද දූෂණ විරෝධී පනතේ ඇතුළත්ව තිබේ.
ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා වන නිත්‍ය කාර්යමණ්ඩලය පත් කරනු ලබන තෙක්, එම කොමිෂන් සභාවේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා දූෂණ විරෝධී පනතේ 26(4), 26(5), 26(6), 26(8) හා 26(9) වගන්තිවල සඳහන් විධිවිධාන පරිදි තාවකාලික පදනමින් රාජ්‍ය සේවයේ, පොලිස් සේවයේ, විගණන සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ මෙන්ම රාජ්‍ය සංස්ථාවල සේවයේ නියුතු නිලධාරින් අතරින් සුදුසු නිලධාරින් පත්කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart