
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාසා තිරයේ විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගාසාහි ‘ළමා අරමුදලක්’ නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද යෝජනාවට ශ්‍රී ලංකා ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ඊයේ (26) පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ, ඉෆ්තාර් සැමරුම් අත්හැර මෙම අරමුදලට දායක වන ලෙස සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන දැනුවත් කර ඇති බවයි.
පුරවැසියන්ටද මෙම අරමුදලට දායකත්වය ලබාදිය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ගාසා තීරයේ විපතට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා බෙදා හැරීමට නියමිතව ඇත.
පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා සිට ගාසාහි ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 29,782ක් මිය ගොස්, 70,043ක් තුවාල ලබා ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart