
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබේ.
මෙම හමුවේදී ජනාධිපතිවරයා විසින් ආර්ථික වර්ධනය සහ වෙළඳ අවස්ථා සඳහා ආසියාව සමඟ ඇති සම්බන්ධතාව ඉස්මතු කරමින් ඉලක්කගත සංවර්ධන සැලසුම් ඉදිරිපත් කර ඇත.
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ පසු සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීම පිළිබඳව මෙහෙදී සාකච්ඡා වී තිබේ.
අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපවීම අගය කළ චීන නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධන ගමන් මඟ පිළිබඳව ද විශ්වාසය පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart