
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය මීපිළිමාන ‘අපි යූත් සමාජය’ විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය ඊයේ (14) දිනය පුරා මීපිළිමානේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක්විය.
පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික ක්‍රීඩා අංග රැසකින් සමන්විත වූ අතර සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.
ඊයේ පෙරවරුවේ අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවුරුදු තරග කිහිපයක් නැරුඹූ අතර, පෙරවරුවේ පැවැති බක්මහ පාපැදි තරගයේ ජයග්රාහයකයන්ට ත්‍යාග ලබාදීමද ජනාධිපතිපතිවරයා අතින් සිදුවිය.
අවුරුදු උත්සවයට පැමිණි මීපිළිමාන ප්‍රදේශයේ ජනතාව සමඟ ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරතවූ අතර එම ජනතාව ඉදිරිපත් කළ ගැටළු වලට විසඳුම් ලබාදෙන බවද පැවසීය.
මීට සමගාමීව දිවයින පුරා බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ජනතාව එකතුව මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් අවුරුදු උත්සව රැසක් සංවිධානය කර ඇත.
පසුගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි අවුරුදු උත්සව ප්‍රමාණයක් සංවිධානය කර තිබීමද කැපීපෙනෙන තත්ත්වයකි.
මීපිළිමාන අවුරුදු උත්සවය සඳහා සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටියහ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart