
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (24) මඩකලපුව කල්ලඩි ශිවානන්ද ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” මැතිවරණ රැළියට එක්විය.
මෙම රැලියට පැමිණි කැපීපෙනෙන චරිතයක් වූයේ රනිල් වික්‍රමසිංහට ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ගුරුවරයකු වූ සිවලිංගම් ය.
සිය කතාවේදී තම ගුරුවරයාගෙන් ලද පාඩමක් සිහිපත් කළ ජනාධිපතිවරයා, ඇතැන්ස්හි අධිරාජ්‍යයන් සම්බන්ධයෙන් රාජකීය විද්‍යාලයෙන් ලබාදුන් පාඩමක් තමාගේ සාර්ථකත්වයට හේතු වූ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේ, රට මෙහෙයවීමේ සහ ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ අභියෝගය අන් අය භාරගැනීමට අකමැති වූ විට තමන් එය ජයගත් ආකාරයයි.
ජනතාවට සහන සලසමින් රට ඉදිරියට ගෙනයෑමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ නතර කිරීම විපක්ෂයේ අරමුණ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
2025/2026 වන විට රජය සියලු පුරවැසියන් සඳහා යහපත් ජීවන තත්ත්වයන් නිර්මාණය කරන බවටද ජනාධිපතිවරයා එහිදී සහතික විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart