
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ මූලික සමාලෝචනය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (26) පැවැත්වීමට නියමිතව ඇත.
14 වැනිදා ආරම්භ වූ සමාලෝචන සැසිවල අරමුණ වන්නේ, විස්තීරණ අරමුදල් පහසුකමේ කොටසක් ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඇගැයීමයි.
මෙම අරමුදල් පහසුකමේ දෙවැනි වාරිකය ලබාගැනීම සහ ජාතියේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස සති දෙකකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙන මෙම සාකච්ඡාවල අවසන් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම හමුවෙන් අනතුරුව අමෙරිකානු ඩොලර් බිලියන 3ක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවැනි වාරිකය ලබාදීමට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව ඇත.
මෙම ගිවිසුම්වල විශේෂතා පිළිබඳව ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart