
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හැකිතාක් විදේශ ගමන් සීමා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇතැයි තතුදත් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජනාධිපතිවරණයට පෙර දේශපාලන කටයුතු සඳහා ඔවුන්ගේ පැමිණීම අවශ්‍ය බැවින් මෙම උපදෙස් ලබා දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
මැයි රැළියෙන් පසු මැතිවරණය ඉලක්කකර ගනිමින් දේශපාලන වැඩකටයුතු වේගවත් කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇති බව ද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජනාධිපතිවරණය ඍජුව ඉලක්ක කර ගනිමින් දේශපාලන වැඩකටයුතු දියත් කිරීමේ ක්‍රමයක් ලෙස මැයි රැළිය මෙවර මහා පරිමාණයෙන් පැවැත්වීමට එම පක්ෂය සැලසුම් කර තිබේ.
ඒ වෙනුවෙන් මේ වන විට පක්ෂය වෘත්තීය කණ්ඩායම් සමඟ රට පුරා රැස්වීම් පවත්වමින් සිටින බව ද වාර්තා වේ.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පක්ෂ සහ කණ්ඩායම් රැසක් එක්වීමට නියමිත පුළුල් සන්ධානයක් නියෝජනය කරමින් මැතිවරණයට සහභාගී වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවයි.
මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් ඔහු වෙනුවෙන් සිටින අතර එම පක්ෂයේ අනෙක් පාර්ශ්වය තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙස අවධාරණය කර ඇති බව ද වාර්තා විය.
ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ ජනාධිපතිවරයාගේ අන්තර්ජාතික මට්ටමට සමානවීමට් වෙනත් අපේක්ෂකයකුට නොහැකි බවයි.
“ජනාධිපතිතුමාට ඕනෑම පක්ෂයක් සමඟ කටයුතු කිරීමට හැකියාව තිබෙනවා. වෙනත් කිසිම නායකයකුට කළ නොහැකි දේ ඔහු ඉටු කළා.” යනුවෙන් ද ඔහු ප්‍රකාශකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart