
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව, සීෂෙල්ස් රාජ්‍ය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 175 ක විශේෂ ආර්ථික පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.
සීෂෙල්ස් ජනාධිපති පැට්රික් හර්මිනිගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීව මෙය නිවේදනය කර ඇත.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ සීෂෙල්ස් හි සංවර්ධන අවශ්‍යතා, විශේෂයෙන් පොදු නිවාස, සංචලනය, යටිතල පහසුකම්, ධාරිතා වර්ධනය සහ සමුද්‍රීය ආරක්ෂාව යන ක්ෂේත්රවල සහාය වීම සඳහා මෙම ආර්ථික පැකේජය ප්‍රකාශයට පත් කර ඇති බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ සීෂෙල්ස් ජනාධිපති පැට්රික් හර්මිනි ඉදිරියේ දෙරට අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇත.
ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම අඛණ්ඩව සිදු කිරීමට ද දෙරට එකඟ විය.
“දේශීය මුදල්වල වෙළඳාම වැඩි කිරීමට අමතරව, ෆින්ටෙක් සහ ඩිජිටල් විසඳුම් සඳහා ද සහයෝගයෙන් කටයුතු කරන්නෙමු, සංවර්ධන හවුල්කාරිත්වයන් ඉන්දියා-සීෂෙල්ස් සබඳතාවල ශක්තිමත් පදනම වී ඇත. අපගේ සියලු උත්සාහයන් සීෂෙල්ස් හි ප්‍රමුඛතා සහ අවශ්‍යතා මත පදනම් වේ” යනුවෙන් ජනමාධ්‍ය හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ස්වර්ණ ජුබිලියට සමගාමීව පැවැත්වෙන සීෂෙල්ස් හි 50 වන නිදහස් දින සංවත්සරයේදී ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී වන ලෙස සීෂෙල්ස් ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනයක් ද සිදු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart