
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට ඇලවී ඇති ‘බංකොලොත්’ ලේබලය ඉවත්කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ(29) විශ්වාසය පළකළේය.
එසේම රුපියල් බිලියන 700ක් වටිනා දේශීය ණය ප්‍රශස්තකරණය (DDO) ඇතුළු රජයේ ප්රයත්නයන්ට සහාය දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
“සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් තත්ත්වය ඉවත් කරගැනීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා කවුරුත් කැමති නැහැ බංකොලොත් කියලා කියන්න. තනි තනිව අපි එයට අකමැති නම්, සාමූහිකව ඔබට මෙම ලේබලය ඔබ මත තබා ගැනීමට අවශ්‍ය වන්නේ ඇයි? ඒ නිසා අපි එයින් ඉවත් වෙමු,” සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින් ජනාධිපතිවරයා එලෙස සඳහන් කළේය.
රටේ පවතින අර්බුදයෙන් ගොඩඒම සඳහා කටයුතු කළ කණ්ඩායම් මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා, තැන්පත්කරුවන්ගේ මෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමුඛත්වය ලබාදුන් බවද පැවසීය.
වෘත්තීය සමිති විසින් කරන ලද සාධාරණ ඉල්ලීමක් වන සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය වෙනුවෙන් 09%ක ප්‍රතිලාභයක් සහතික කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයට මන්ත්‍රීවරුන් සහාය විය යුතු බවද ඔහු එහිදී යෝජනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart