
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය නොකරන පළාත් පාලන ආයතන සඳහා අරමුදල් වෙන්නොකරන බව තමන් කිසිවිටෙකත් නොකියූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පැවසීය.
නුවරඑළියේ පැවැති මැතිවරණ රැලියක් අමතමින් ජනාධිපතිවරයා පැවැසුවේ, පළාත් පාලන ආයතන අනිසි ලෙස භාවිත කිරීම සහ කොල්ලකෑම සඳහා අරමුදල් වෙන්නොකරන බවයි.
“කොල්ලකෑම නතර කිරීමෙන් මධ්‍යම රජය මහාභාණ්ඩාගාරයට අරමුදල් රැස් කිරීමට විශාල උත්සාහයක් දරනවා. පළාත් පාලන ආයතනය එකම ප්‍රතිපත්තියක් අනුගමනය නොකරනවා නම්, අරමුදල් අවභාවතා කර ඒවා කොල්ලකනවා නම්, අපිට ඊට ඉඩදෙන්න බැහැ. පළාත් පාලන ආයතනවලට මුදල් අවභාවිතා කරන්න, මුදල් කොල්ලකන්න අපි ඉඩදෙන්නේ නැති බව තමයි මම කිව්වේ ” ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart