April 1, 2024

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීම සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන වේතන කමිටුවක් පත්කර තිබේ.

මහ බැංකුවේ වැටුප් සංශෝධන පිළිබඳ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටු (CoPF) වාර්තාවේ නිර්දේශ මත පදනම්ව මෙම කමිටුව පත්කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සංශෝධන සමාලෝචනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ස්වාධීන කමිටුවක් පත්කළ යුතු බව CoPF සිය වාර්තාවේ නිර්දේශ කර ඇත.