
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපාන රජයේ ආරාධනයෙන් ජපානයට කළ නිල සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ටෝකියෝවේ ඉම්පීරියල් හෝටලයේදී ජපන් අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය හෙවත් JICA සභාපති ආචාර්ය ටනාකා අකිහිකෝ සමඟ සාකච්ඡා පැවැත්වීය.
JICA විසින් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පැවසු ජනාධිපතිවරයා JICA හරහා සහනදායී යෙන් ණය නැවත ආරම්භ කිරීම හරහා ජපානයේ ස්ථිර සහයෝගයට කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාව කෙරෙහි ජපානයේ දිගුකාලීන කැපවීම යළිත් තහවුරු කළ JICA සභාපති ආචාර්ය අකිහිකෝ, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව අධීක්ෂණය කිරීමත් සමඟම, දිගු කලක් ප්‍රමාද වූ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඉක්මනින් නැවත ආරම්භ කරන බව නිවේදනය කළේය.
තිරසාර ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස පෞද්ගලික අංශය, කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ සැලැස්මේ ප්‍රගතිය ද දෙපාර්ශ්වය සමාලෝචනය කළ අතර, ශ්‍රී ලංකා නියෝජිතයෝ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ සහ AI මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම වැනි රටේ ඩිජිටල් ආර්ථිකය ඉදිරියට ගෙන යන වැඩසටහන් සඳහා ජපන් සහාය ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනය සඳහා ජපානයේ අඛණ්ඩ ආයෝජනය අවධාරණය කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රදාන ගිවිසුමක් අත්සන් කිරීමෙන් රැස්වීම අවසන් විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ තවත් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart