May 22, 2023

ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත වාරයකට ජනාධිපතිධූරයට පත් කර ගැනීම ජාතියට වැදගත් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පැවසීය.

“ජාතිය ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට නම් වත්මන් ජනාධිපතිවරයා වසර පහක් ජාතිය රට කළ යුතුයි” යැයි එජාප නියෝජ්‍ය නායකයා ගම්පහ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා මීට වසර තුනකට පෙර ආර්ථික අර්බුදය ගැන අනාවැකි කිව්වා. කොවිඩ් වසංගතය ඇතිවෙන්නත් කළින් ආර්ථික පසුබෑම ගැන අනාවැකි කිව්වා. රට සාධාරණ මට්ටමකින් ස්ථාවර කරන්න එතුමාට පුළුවන් වෙලා තියෙනවා. ග්‍රීසියට ආර්ථික අර්බුදයෙන් පසුව යම් ස්ථාවරත්වයක් ඇති කර ගන්න වසර දහයක් ගතවුණා. ආර්ථික අර්බුදය කෙසේ වෙතත් කෙටි කාලයකින් ශ්‍රී ලංකාව ස්ථාවරත්වය කරා ගමන් කරලා තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවම වශයෙන් තවත් වසර පහක්වත් රට පාලනය කළ යුතුයි” යැයි හෙතෙම වැඩිදුරටත් බවද ඔහු පැවසීය.