
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශ්‍රාමිකයන්ට මාසිකව රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඔක්තෝබර් අතුරු දීමනාව විශ්‍රාම වැටුප්වලට ඇතුළත් නොකළේ මන්දැයි විමසා බැලූ ජනාධිපතිවරයා එම මුදල ඉදිරි සතිය තුළ බැර කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ජනාධිපති දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාවකදී මෙම නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 02/2024 රජයේ චක්‍රලේඛය මගින් රුපියල් 3,000 අතුරු දීමනාව ලබා දීමට අවසර ලබා දී ඇතත්, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර නොතිබිණි.
ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප් දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කර ඇති බැවින් අතුරු දීමනාව සතියක් ඇතුළත වෙන වෙනම බැර කරන ලෙසට නියෝග කළ ජනාධිපතිවරයා එය ලබන මාසයේ සිට මාසික විශ්‍රාම වැටුපට ඇතුළත් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart