
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ලබාදී තිබෙන අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කාලසීමාව සඳහා නීතියට අනුව සුදුසු පුද්ගලයකු පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සළකා බැලිය හැකි හෝ සළකා බැලිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.
විනිසුරු මඩුල්ල මෙම දැනුම්දීම සිදුකර තිබුණේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ නියෝගය ප්‍රකාශ කරමිනි.
දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ බලතල, කාර්ය භාරය සහ වගකීම් ක්‍රියාත්මක කිරීම සීමා කරමින් අතුරු නියෝගයක් නිකුත් කිරීමට ප්‍රමුඛ පෙළේ ප්‍රබල නඩුවක් පවතින බව යසන්ත කෝදාගොඩ, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර තිබිණි.
පෙත්සම් පිළිබඳ තර්ක කිරීමටනොවැම්බර් 11 දිනට කල් තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart