
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ තවත් මන්ත්රීවරු තිදෙනෙක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට නුදුරු අනාගතයේදී එක්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මින් මන්ත්රීවරු දෙදෙනෙක් ගම්පහ දිස්ත්රික්කය නියෝජනය කරන අතර, අනෙක් මන්ත්රීවරයා පුත්තලම දිස්ත්රික්කය නියෝජනය කරන බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිනී තලතා අතුකෝරල සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීම ඊයේ සිදුවිය.
ඇය නුදුරේදී ජනාධිපතිවරයාට සහාය පළකිරීමට සූදානම් වන බව වාර්තා සඳහන් කරයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ චෝදනා ලැබූ මන්ත්රීවරුන් සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් සජබ නායකත්වයට එම පක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart