
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට පොලිස් නිලධාරීන්ට ශරීරයේ සවිකළ හැකි කැමරා ලබාදීම සඳහා මූලික ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.
ඒ අනුව රට පුරා රථවාහන පොලිසි වෙත එම ඒකක 5,000ක් ලබාදීමට සැලසුම් කර තිබේ.
පළමු අදියර යටතේ මහජන අන්තර්ක්‍රියා අතරතුර විනිවිදභාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් රථවාහන උල්ලංඝනයන් කළමනාකරණය කරන නිලධාරීන් වෙත ලබා දීමට නියමිතය.
දියුණු රටවල සාර්ථක ආකෘති මත පදනම් වූ මෙම පද්ධතිය වෙනුවෙන් පෙනී සිටි හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ යෝජනාවක් අනුව මෙම පියවර ක්‍රියාත්මක වේ.
පොලිස්-මහජන අන්තර්ක්‍රියා තත්‍ය කාලීනව පටිගත කිරීම විෂමාචාරය වළක්වන අතර වැඩි වගවීමක් සහතික කරනු ඇති බව සබ්රි සිය ධුර කාලය තුළ ප්‍රකාශ කර තිබිණි.
පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු හේතුවෙන් මේ සඳහා ප්‍රතිරෝධයක් මතු වූ අතර එය වැඩසටහන ප්‍රමාද වීමට හේතුවූ බව මනතුංග පිළිගත්තේය.
ප්‍රසම්පාදනය තවමත් එහි මුල් අවධියේ පවතින අතර, ටෙන්ඩර් ක්‍රියාවලීන් සහ තාක්ෂණික ඇගයීම් ද සිදුකිරීමට නියමිතව තිබේ.
“සම්පූර්ණ ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් තවමත් තහවුරු කරන්න බැහැ, මොකද ප්‍රසම්පාදනය සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය වැනි ක්‍රියා පටිපාටික සහ සැපයුම් බාධක හරහා අප ගමන් කළ යුතුව තිබෙනවා” යැයි මනතුංග තවදුරටත් පැවසීය.
මෙම ව්‍යාපෘතිය මුලින් රථවාහන කළමනාකරණ සහ මාර්ග ආරක්ෂණ අංශය හරහා ක්‍රියාත්මක කර පසුව අනෙකුත් පොලිස් අංශ ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart